Posts

ලෝකයේ ලොකුම රට ගැන දන්නවාද ?

Image
රුසියාව ( Russia) තමයි ලෝකයේ ලොකුම රට. ඒ වගේම ලෝකයේ සුපිරි බලවතුන් විදිහට හඳුන්වන රටවල් වලින් එකක්. වර්ග කිලෝමීටර 17,098,242 ක භුමි ප්‍රමාණයකින් යුක්තයි. හිතාගන්නකෝ කොයිතරම් විශාල රටක්ද කියලා. (වර්ග කිලෝමීටර එක් කෝටි හැත්තෑ ලක්ෂ අනු අටදහස් දෙසිය හතලිස් දෙකයි). ලෝකයේ මිනිසුන් ජීවත් වන මුළු භුමි ප්‍රමාණයෙන් අටෙන් එකක් ම අයත් වෙන්නේ රුසියාවට. රටෙන් බාගයක් විතර මුහුදු සීමාව. අනෙක් කොටස ගොඩබිම් වලින් සීමා වෙලා තියනවා. ඒ සීමාව වටේට වෙනත් රටවල් 14 ක් ම තියනවා. ලෝකයේ ලොකුම බියෝමය නැත්තම් ජෛව දර්ශය ලෙස හඳුන්වන “ටයිගා බියෝමය” සහ ලෝකයේ දිගම දුම්රිය මාර්ගය වන ට්‍රාන්ස් සයිබිරියානු දුම්රිය මාර්ගය තියෙන්නෙත් මේ රුසියාවේම තමයි. වර්තමානය වනවිට රුසියාවේ ජනගහනය මිලියන 146 ක් පමණ වෙනවා (කෝටි 14.6 ක් පමණ) . වර්තමාන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ “ ව්ලැද්මීර් පුටින් ” ජනාධිපතිවරයායි . අගනගරය වන මොස්කව් නුවර, ලෝකයේ ඇති විශාලතම නගර වලින් එකක්. මේ රුසියාවේ ජාතික කොඩිය රුසියාව කියන්නේ බොරතෙල් සම්පතෙන් අඩුවක් නැති රටක්. හිම මිදුණු වනාන්තර වලට යටින් පිහිටා තියෙන විශාල බොරතෙල් නිධි වලින්

ලෝකයේ දිගම ගංගා

Image
අපේ පෘථිවිය ඉතාම අලංකාර සහ විශිමිත වූ ස්වභාවධර්මයේ අපූරු නිර්මාණ රාශියකින් සමන්විත පාරාදීසයක් කිව්වොත් ඔබ එයට එකඟ වනවා නේද..? ඒ නිසා ඒ අපූරු පාරාදීසයේ අලංකාරය තවත් වැඩිකරන ගංගා ගැන කතා නොකරම බැහැ. ලෝකය පුරා විවිධ රටවල් හරහා මුහුදට ගලා බසින ගංගා විශාල ප්‍රමාණයක් දකින්නට ලැබෙනවා.ඒ අතරින් මේ සඳහන් කරන්නේ ලෝකයේ දිගම ගංගාවන් 10 ක්, ඒවායේ දිග සහ තත්පරයක් තුල ගලන ජල ප්‍රමාණය ගැනයි             ගංගාව                                දිග (කි.මී)          තත්පරයක් තුල ගලන ජල ප්‍රමාණය ( ඝණ මීටර) 1              ඇමර්සන් ගඟ                            6992                                        209,000 .                          නයිල් ගඟ                                 6853                                            2,800 .                         යැන්ග්ට්සි ගඟ                            6300                                         31,900 4                        මිසිසිපි මිසෝරි ගඟ                    6275                                         16,200 5                       

ලොව දිගම දුම්රිය ගමන - Rail Tour on Trans Siberian Railway

Image
මේ වන විට දුම්රිය මගින් භාණ්ඩ හා මගී ප්‍රවාහනය ලෝකයේ වැඩිපුරම භාවිතා වන  ඇති ප්‍රවාහන මාධ්‍යයක් බවට පත් වී තිබේ. විවිධ රටවල් වල එම රටවල් තුල ක්‍රියාත්මක වන දුම්රිය මාර්ග පද්ධතියක් ඇති අතර, විවිධ රටවල් එක්වී එම රට රටවල් අතර දුම්රිය සේවාවන් ආරම්භ කර ඇත. ඒ අතරින් වැඩිම කතාබහට ලක් වුයේ රුසියාවේ මොස්කව් ( Moscow) නුවර සිට ව්ලැඩිවොස්ටොක් (Vladivostock) දක්වා දිවෙන ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මාර්ගයයි. එහි අවසානය ව්ලැඩිවොස්ටොක් නගරය චීනයට ආසන්නව පිහිටා තිබේ. එමනිසා එය, රුසියාව සහ චීනය සමග සම්බන්ධ වූ දුම්රිය මාර්ගයක් ලෙස හැඳින්විය හැකිය.  එය සැතපුම් 5772 ක්, එනම් කිලෝමීටර 9289 ක් පමණ දිගකින් යුක්ත වන අතර ගමනාන්තය වෙනුවෙන් පැය 144 ක් එනම් දින 6ක් පමණ ගත වේ. දිනපතාම ඒ අතර දුම්රිය ගමන් ආරම්භ වන අතර රුසියාව විසින් දුම්රිය සේවාවන් පවත්වාගෙන යනු ලැබේ. පහත සිතියමෙන් ඔබට ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මාර්ගය පිළිබඳව අදහසක් ලබා ගත හැකිය පහත දැක්වෙන්නේ එම දුම්රිය මාර්ගයේ ජායාරුප කිහිපයකි             ඔබ දන්නවාද  ?   රුසියානු දුම්රිය සමාගම විසි

පසුගිය දින වල ඉමහත් ජනපියත්වයට පත් වූ Google Doodle Cricket

Image
පසුගියදා පැවැත්වුණු චැම්පියන්ස් කුසලාන 2017 තරඟාවලියට සමගාමීව ගූගල් සමාගම විසින් තම පරිශීලකයන් වෙනුවෙන් දියත් කරන ලද Google Doodle අයිතමය තවමත් අපට ගූගල් මුල් පිටුව තුල දර්ශනය නොවී පැරණි ගොනුවක් ලෙස සොයා ගැනීමට තිබේ. https://www.google.com/2017/cricket මේ ලින්ක් එකෙන්  Google  Doodle Cricket  වෙත පිවිසී ක්‍රීඩා කරන්න.