ලොව දිගම දුම්රිය ගමන - Rail Tour on Trans Siberian Railway

මේ වන විට දුම්රිය මගින් භාණ්ඩ හා මගී ප්‍රවාහනය ලෝකයේ වැඩිපුරම භාවිතා වන  ඇති ප්‍රවාහන මාධ්‍යයක් බවට පත් වී තිබේ. විවිධ රටවල් වල එම රටවල් තුල ක්‍රියාත්මක වන දුම්රිය මාර්ග පද්ධතියක් ඇති අතර, විවිධ රටවල් එක්වී එම රට රටවල් අතර දුම්රිය සේවාවන් ආරම්භ කර ඇත.

ඒ අතරින් වැඩිම කතාබහට ලක් වුයේ රුසියාවේ මොස්කව් (Moscow) නුවර සිට ව්ලැඩිවොස්ටොක් (Vladivostock) දක්වා දිවෙන ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මාර්ගයයි. එහි අවසානය ව්ලැඩිවොස්ටොක් නගරය චීනයට ආසන්නව පිහිටා තිබේ. එමනිසා එය, රුසියාව සහ චීනය සමග සම්බන්ධ වූ දුම්රිය මාර්ගයක් ලෙස හැඳින්විය හැකිය.  එය සැතපුම් 5772 ක්, එනම් කිලෝමීටර 9289 ක් පමණ දිගකින් යුක්ත වන අතර ගමනාන්තය වෙනුවෙන් පැය 144 ක් එනම් දින 6ක් පමණ ගත වේ. දිනපතාම ඒ අතර දුම්රිය ගමන් ආරම්භ වන අතර රුසියාව විසින් දුම්රිය සේවාවන් පවත්වාගෙන යනු ලැබේ.

පහත සිතියමෙන් ඔබට ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය මාර්ගය පිළිබඳව අදහසක් ලබා ගත හැකිය




පහත දැක්වෙන්නේ එම දුම්රිය මාර්ගයේ ජායාරුප කිහිපයකි




            ඔබ දන්නවාද  ?  රුසියානු දුම්රිය සමාගම විසින් මෙම සම්පුර්ණ ගමන වෙනුවෙන් එක අයෙකු සඳහා පළමු පන්තියේ ටිකට් පතකට ඇමෙරිකානු ඩොලර් (US $) 1260.90 ක්, එනම් ශ්‍රී ලංකා මුදලින් රු. 194,100.00 පමණ අය කරන බව. ඊට අමතරව කුඩා ළමුන් සඳහා විශේෂ වට්ටම් සහිත ටිකට් පත් ලබා දේ.
ඉතාමත් අලංකාර භුමි ප්‍රදේශ පසුකරමින් යන ට්‍රාන්ස් සයිබීරියානු දුම්රිය ගමන ඉතා මනස්කාන්ත අත්දැකීමක් මගීන් වෙත ලබා දෙන අතර මෙම ගමන අතරතුර, බයිකල් විල, යුරල් කඳුවැටිය වැනි ලොව ප්‍රසිද්ධ ස්ථාන දැකබලා ගැනීමටද මගීන්ට හැකි වෙයි. මෙම දුම්රිය සියලුම සුඛෝපභෝගී පහසුකම් වලින් සමන්විත වේ.



Comments

Popular posts from this blog

ලෝකයේ ලොකුම රට ගැන දන්නවාද ?

ලෝකයේ දිගම ගංගා