ලෝකයේ ලොකුම රට ගැන දන්නවාද ?
රුසියාව (Russia) තමයි
ලෝකයේ ලොකුම රට. ඒ වගේම ලෝකයේ සුපිරි බලවතුන් විදිහට හඳුන්වන රටවල් වලින් එකක්. වර්ග
කිලෝමීටර 17,098,242 ක භුමි ප්‍රමාණයකින් යුක්තයි. හිතාගන්නකෝ කොයිතරම් විශාල
රටක්ද කියලා. (වර්ග කිලෝමීටර එක් කෝටි හැත්තෑ ලක්ෂ අනු අටදහස් දෙසිය හතලිස් දෙකයි).
ලෝකයේ මිනිසුන් ජීවත් වන මුළු භුමි ප්‍රමාණයෙන් අටෙන් එකක් ම අයත් වෙන්නේ
රුසියාවට. රටෙන් බාගයක් විතර මුහුදු
සීමාව. අනෙක් කොටස ගොඩබිම් වලින් සීමා වෙලා තියනවා. ඒ සීමාව වටේට වෙනත් රටවල් 14 ක්
ම තියනවා.
ලෝකයේ ලොකුම බියෝමය නැත්තම් ජෛව දර්ශය ලෙස
හඳුන්වන “ටයිගා බියෝමය” සහ ලෝකයේ දිගම දුම්රිය මාර්ගය වන ට්‍රාන්ස් සයිබිරියානු දුම්රිය
මාර්ගය තියෙන්නෙත් මේ රුසියාවේම තමයි.
වර්තමානය වනවිට රුසියාවේ ජනගහනය මිලියන 146 ක් පමණ වෙනවා (කෝටි
14.6 ක් පමණ). වර්තමාන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ “ව්ලැද්මීර් පුටින්”
ජනාධිපතිවරයායි. අගනගරය වන මොස්කව් නුවර, ලෝකයේ ඇති විශාලතම නගර
වලින් එකක්.
Comments
Post a Comment